දේශීය වෙළෙඳපොළ තුළ පාරිභෝගික සුරක්ෂිතතාව, ආහාර සුරක්ෂිතතාව සහ පාරිභෝගික අයිතිවාසිකම් තහවුරු කිරීම අරමුණු කරගනිමින් වෙළඳ අමාත්‍යාංශය විසින් පුළුල් නීතිමය හා නියාමන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු මත පදනම්ව පොලිතින් භාවිතය පාලනය කිරීම සඳහා ගනු ලැබූ ක්‍රියාමාර්ග හරහා පසුගිය කාලය තුළ කැපී පෙනෙන ප්‍රගතියක් අත්කරගෙන ඇති අතර, මගීන්ගේ සහ රියදුරන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ප්‍රමිතියෙන් තොර හිස්වැසුම් අළෙවි කරන ජාවාරම්කරුවන්ට එරෙහිව දිවයින පුරා පුළුල් වැටලීම් මාලාවක් ක්‍රියාත්මක කර ඇත. මීට අමතරව, ළදරු කිරි බෝතල්, කෑම භාජන සහ වතුර බෝතල් නිෂ්පාදනයේදී දරුවන්ගේ සෞඛ්‍යයට හානිදායක රසායනික ද්‍රව්‍ය භාවිතය වැළැක්වීමට දැඩි ප්‍රමිති නීති හඳුන්වා දී ඇති අතර, නීති විරෝධී ලෙස පළතුරු ඉදවීම සඳහා විස රසායනික ද්‍රව්‍ය යෙදීම මැඩපැවැත්වීමටද අදාළ ආයතන සූදානමින් පසුවේ.
මෙම තස්‌තකාරී පියවරයන් හරහා පාරිභෝගික ජනතාවගේ සෞඛ්‍යමය හා ආර්ථික ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂිතය. ඉදිරි කාලසීමාව තුළ වෙළෙඳපොළ පරීක්ෂාවන් තවත් තීව්‍ර කරමින් පාරිභෝගිකයන් මුළා කරන සහ නීතිය උල්ලංඝනය කරන වෙළෙඳ ව්‍යාපාරිකයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග අඛණ්ඩව ගැනීමට අමාත්‍යාංශය කටයුතු කරනු ඇත.














