වත්මන් රජය පරාජය කිරීමට මෙරට මහජනතාවට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසයි.රැස්වීමක් අමතමින් ඇය මේ බව ප්‍රකාශ කළ අතර, ජනතාව රජය කෙරෙහි පූර්ණ විශ්වාසය තබා ඇති බවද ඇය අවධාරණය කළාය.එසේම, අධිකරණ පද්ධතියේ පවතින ප්‍රමාදයන් අවම කරමින් නඩු කටයුතු කඩිනම් කිරීම සහ ජනතාවට වඩාත් ඉක්මනින් සාධාරණය ඉටු කිරීම රජයේ ප්රමුඛ කාර්යයක් බව අමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නාය.














