දැනට යුද, ගුවන් සහ නාවික හමුදාව යටතේ පවතින සියලු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථාන ඒකාබද්ධ කරමින් ජාතික මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දී තිබේ.
ආරක්ෂක අමාත්‍යාංශයට අදාළ 2027 පූර්ව අයවැය සාකච්ඡාවකට ජනාධිපති කාර්යාලයේදී එක්වෙමින් ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇති අතර, එලෙස ඒකාබද්ධ කිරීමෙන් එම කටයුතුවල කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව ඉහළ නංවා ගත හැකි බව පෙන්වා දී ඇත. ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීම, නවීන තාක්ෂණය යොදා ගැනීම, ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ විදේශ පුහුණු ප්‍රතිපාදන ඉහළ නැංවීම මෙන්ම කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහල සහ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ මෙහෙයුම් කටයුතු පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කර තිබේ.














