හෝමුස් මුහුදු සන්ධියේදී ඇමරිකාව සහ ඉරානය අතර පවතින ගැටුම් අතරතුර ඕමානය ඊට බාධාවක් ලෙස ක්‍රියා කළහොත් එරටට දැඩි ප්‍රහාර එල්ල කරන බවට Fox News වෙත අදහස් දක්වමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවීමක් කර තිබේ.
ඇමරිකා-ඉරාන සටන් විරාම කාලසීමාව අවසන් වීමට ආසන්නව ඇති මොහොතක Fox News සමඟ පැවති සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් පළ කර ඇත. හෝමුස් මුහුදු සන්ධිය හරහා නාවික කටයුතු කළමනාකරණය කරගැනීම සඳහා ඉරාන රාජ්‍ය තාන්ත්‍රිකයින් මෑත සතිවලදී ඕමාන් නිලධාරීන් සමඟ සාකච්ඡා පවත්වමින් සිටින පසුබිමක් තුළ ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය සිදු කර තිබේ. ඉරානය කිසිදු ආකාරයකින් ණයුක්ලියර් අවි අත්පත් කර නොගැනීම සහතික කිරීම තමාගේ අංක එකේ අරමුණ බවද ට්‍රම්ප් අවධාරණය කර ඇත.














