ඉරානයට එරෙහි හමුදා මෙහෙයුම් සඳහා මාස 9කට ආසන්න කාලයක් අඛණ්ඩව මුහුදේ රැඳී සිටින USS Abraham Lincoln ගුවන් යානා ප්‍රවාහන නෞකාවේ සෙබළුන් දැඩි මානසික පීඩනයකට සහ අයහපත් ජීවන තත්ත්වයන්ට මුහුණ දී සිටින බවට වාර්තා පළවීමත් සමඟ, එක්සත් ජනපද මධ්‍යම අණදෙන පීඨයේ ප්‍රධානී අද්මිරාල් බ්‍රැඩ් කූපර් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබේ.
නෞකාව වෙත ගොස් එහි තත්ත්වය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අදහස් දැක්වූ අද්මිරාල් කූපර් සඳහන් කළේ, දීර්ඝ කාලයක් අඛණ්ඩව සක්‍රීය යුධ කලාපයක මුහුදු ගමනේ යෙදීම අතිශය අභියෝගාත්මක එකක් වුවද, මාධ්‍ය මඟින් වාර්තා කර ඇති ආහාර හා ජල හිඟය, සනීපාරක්ෂක ගැටලු ඇතුළු ඇතැම් කරුණු පරණ පුවත්වන අතර එම ගැටලු බොහොමයක් දැනටමත් විසඳා ඇති බවයි. කෙසේ වෙතත්, සෙබළුන්ගේ මානසික සෞඛ්‍යය පිළිබඳව වැඩි අවධානයක් යොමුකර ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
දින 250කට අධික කාලයක් වරායකට පවා සපැමිණීමකින් තොරව මෙහෙයුම්වල නිරතවන මෙම නෞකාවේ සෙබළුන්ගේ මානසික මට්ටම කඩා වැටීම හේතුවෙන් සියදිවි නසාගැනීමේ උත්සාහයන් පවා වාර්තා වී ඇති බවට අමෙරිකානු මාධ්‍ය වාර්තා කර තිබූ අතර, නුදුරේදීම USS George Washington නෞකාව මඟින් මෙම නෞකාව ප්‍රතිස්ථාපනය කිරීමට එක්සත් ජනපද නාවික හමුදාව සැලසුම් කර තිබේ.














