වවුනියාව, මුලතිව්, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොනරාගල යන දිස්ත්‍රික්කවල දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
මේ සම්බන්ධයෙන් නිවෙස් තුළ සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් දැඩි සැලකිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.














