ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇලස්කා ප්‍රාන්තයේ ඇන්කරේජ් නගරය ආසන්නයේ පිහිටි ජනප්‍රිය පදික වේදිකාවක තනිවම දිවීමෙහි නිරතව සිටි කාන්තාවක් දුඹුරු වලසෙකුගේ හදිසි ප්‍රහාරයට ලක්ව තිබේ.
නමුදු, ඇය සතුව තිබූ වලසුන් පලවා හැරීමට භාවිතා කරන විශේෂ රසායනික ස්ප්‍රේ වර්ගය ක්ෂණිකව ක්‍රියාත්මක කරමින් වලසා පලවා හැරීමට සමත්ව ඇති අතර, අනතුරුව තනිවම ආපසු පැමිණීමටද ඇය සමත්ව ඇත. අදාළ ප්‍රහාරයෙන් තුවාල ලැබූ කාන්තාව වහාම රෝහල්ගත කර ඇති බවත්, මීට පෙරද අදාළ ප්‍රදේශයේ මෙවැනි වලස් ප්‍රහාර කිහිපයක් වාර්තා වී ඇති බැවින් ප්‍රදේශයේ ආරක්ෂක සංඥා පුවරු සවිකර ඇති බවත් CBS News සහ WFMD News වාර්තා කරයි.














