තලිබන් පාලනය විසින් ඇෆ්ගනිස්ථානයේ වෙසෙන මිලියන 22 කට ආසන්න සමස්ත කාන්තා පරපුරම සිරකරුවන් බවට පත්කර ඇති අතර, ඔවුන් මුහුණදෙන පීඩාවන් සහ වධහිංසා දෙස බලමින් ජාත්‍යන්තර ප්‍රජාව සහ ලෝක බලවතුන් අසංවේදී ලෙස මුහුණ මගහැර සිටින බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ප්‍රවීන් ස්වාමි චෝදනා කරයි.
The Print පුවත් සේවයේ Security Code තරු පහේ විශේෂ ලිපියක් යොමු කරමින් ඔහු මෙම තොරතුරු අනාවරණය කර ඇත.
තලිබන් සංවිධානය බලයට පත්වීමෙන් පසුව කාන්තාවන්ගේ අධ්‍යාපන අයිතිය, රැකියා කිරීමේ අයිතිය, නිදහසේ සැරිසැරීමේ අයිතිය මෙන්ම පොදු ස්ථානවල කතා කිරීම පවා තහනම් කරමින් පනවා ඇති දැඩි මර්දනකාරී නීති මඟින් ඇෆ්ගනිස්ථානය කාන්තාවන්ට විශාල සිරගෙයක් බවට පත්කර ඇති බව The Print YouTube නාලිකාව මඟින්ද අවධාරණය කෙරේ. 2001 සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසුව මෙවැනි මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ නතර කිරීමට ලෝක බලවතුන් දුන් පොරොන්දු අමතක කර දමා ඇති බවද එම ලිපිය මඟින් පෙන්වා දෙයි.














