පැරිස් හි පැවැත්වෙන BWF ලෝක බැඩ්මින්ටන් ශූරතාවලියේ පිරිමි තනි අංශයේ තෙවන වටයේ තරගයකදී ලෝක ශ්‍රේණිගත කිරීම්වල අංක 1 ස්ථානයේ පසුවන චීනයේ ෂි යූකි වට 2-1 ක් ලෙස විමතිය දනවන ලෙස පරාජය කිරීමට ඉන්දියාවේ 19 හැවිරිදි නැඟී එන ක්‍රීඩක ආයුෂ් ෂෙට්ටි සමත් වී තිබේ. NDTV Sports පුවත් සේවය මෙම සුවිශේෂී ජයග්‍රහණය වාර්තා කර ඇත.
ලෝක ශ්‍රේණිගත කිරීම්වල 34 වන ස්ථානයේ පසුවන ආයුෂ් ෂෙට්ටි, මිනිත්තු 73 කට ආසන්න කාලයක් පැවැති තියුණු තරගයකදී ලකුණු 21-17, 15-21, 21-19 ක් ලෙස ලෝක ශූරයා පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට (Quarter-finals) සුදුසුකම් ලබා ගත්තේය. ප්‍රකාශ් පදුකෝන් සහ ලක්ෂ්‍ය සෙන්ගෙන් පසුව ලෝක බැඩ්මින්ටන් ශූරතාවලියක අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ ලාබාලතම ඉන්දීය ක්‍රීඩකයා බවට පත්වීමටද ආයුෂ් මෙහිදී සමත් විය.













