SpaceX සමාගමේ කොටස් හිමිකාරීත්වයන් පිළිබඳව ආයෝජන ආයතන රැසක් සිදුකළ අනාවරණයන් සමඟ එම කොටස්වල අගය ඉහළ යාම හේතුවෙන් ඉලොන් මස්ක්ගේ ශුද්ධ වත්කම් නැවතත් ඩොලර් බිලියන 900 සීමාව පසුකර ඇති බව Forbes සඟරාව වාර්තා කරයි.
ඇමෙරිකානු පත්‍රිකා හා විනිමය කොමිෂන් සභාවේ (SEC) නියාමන නියමයන්ට අනුව ආයෝජන සමාගම් සහ විශ්වවිද්‍යාල අරමුදල් විසින් ස්වකීය ආයෝජන වාර්තා එළිදක්වා තිබේ. එහිදී හාාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ඩොලර් බිලියන 2.2 ක හිමිකාරීත්වයක්ද, එන්වීඩියා සමාගම ඩොලර් බිලියන 21 ක හිමිකාරීත්වයක්ද, බ්ලැක්රොක් සමාගම ඩොලර් බිලියන 8.7 ක හිමිකාරීත්වයක්ද ඇතුළුව ප්‍රමුඛ ආයෝජකයන් රැසක් SpaceX කොටස් අත්පත් කරගෙන ඇති බව අනාවරණය විය. මෙම අනාවරණයන් සමඟ SpaceX කොටස් අගය සියයට 6 කින් පමණ ඉහළ යාම හේතුවෙන් ඉලොන් මස්ක්ගේ වත්කම ඩොලර් බිලියන 911.9 දක්වා වැඩිවී තිබේ.














