අතුරුගිරිය ප්රදේශයේ පුද්ගලයෙකු ඉලක්ක කර එල්ල වූ වෙඩි ප්රහාරයක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර තිබේ. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්රතිකාර සඳහා රෝහල්ගත කර ඇති අතර, ප්රහාරයට 9mm වර්ගයේ ගිනි අවියක් යොදාගෙන ඇති බවට මූලික තොරතුරු අනාවරණය වී ඇත.
මෙම වෙඩි තැබීම “චූවා සමන්ත” නමැති සංවිධානාත්මක අපරාධකරුගේ උපදෙස් මත සිදුකළ බවට විමර්ශන අංශ වෙත තොරතුරු ලැබී ඇති අතර, එය ක්රියාත්මක කිරීම පිටුපස විදේශගතව සිටින බව කියන “හෝමාගම හඳයා” නමැත්තාගේ පාර්ශ්වය සිටින බවට සැක පළ වී තිබේ. ඔහු “චූවා සමන්ත” සහ “කොස් මල්ලි” යන පුද්ගලයන්ගේ පාර්ශ්ව සමඟ සබඳතා පවත්වා ඇති බවටද තොරතුරු වාර්තා වේ.
කෙසේ වෙතත්, ප්රහාරය සඳහා උපදෙස් ලබාදුන්නේ කවුරුන්ද, වෙඩික්කරුවන් කවුරුන්ද සහ ප්රහාරයේ නිශ්චිත අරමුණ කුමක්ද යන්න මෙතෙක් නිල වශයෙන් තහවුරු වී නොමැත. ඒ සම්බන්ධයෙන් තොරතුරු සහ සාක්ෂි රැස්කරමින් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.














