සබරගමුව පළාත් රාජ්‍ය සේවය සඳහා බඳවාගනු ලැබූ නවක නිලධාරීන් 09 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය ඊයේ (17) රත්නපුර පිහිටි පළාත් ආණ්ඩුකාර කාර්යාල ශ්‍රවණාගාරයේදී සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කර තිබෙනවා.
පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව මඟින් පවත්වන ලද විභාගයකින් අනතුරුව, සමාජ සේවා නිලධාරීන් එක් අයෙකු, සත්ත්ව සංවර්ධන උපදේශකවරුන් හය දෙනෙකු සහ තාක්ෂණ සේවයේ කාර්මික නිලධාරී (පුහුණු) දෙදෙනෙකු මෙලෙස නව පත්වීම් ලබා ඇත. මෙම අවස්ථාව සඳහා පළාත් ප්‍රධාන ලේකම් උපාලි ජයසේකර ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
















