දුර්වල ඇනිමේෂන් සහ ව්‍යාකූල කතා සාරාංශයක් හේතුවෙන් අන්තර්ජාලය තුළ දැඩි කතාබහට ලක්ව වයිරල් වූ “නිව් ලායි” (Niu Lai) නමැති අඩු වියදම් චීන ඇනිමේෂන් චිත්‍රපටය මේ වන විට බොක්ස් ඔෆිස් වාර්තා අලුත් කරමින් විශාල ආදායමක් උපයා ගැනීමට සමත්ව තිබේ. සිහිනයක සිදුවන සිදුවීමක් මුල් කරගනිමින් ගවයකු වටා නිර්මාණය කර ඇති මෙම චිත්‍රපටය මුල් දින 10 තුළ යුවාන් 7,705ක වැනි ඉතා අඩු ආදායමක් ලැබුවද, පසුව එය ඉක්මවා යමින් මිලියන 11.4කට වඩා වැඩි ආදායමක් වාර්තා කරමින් හොලිවුඩ් බ්ලොක්බස්ටර් චිත්‍රපට සමඟ පවා තරග වැදීමට සමත්ව ඇත.
කෘත්‍රිම බුද්ධිය (AI) භාවිත නොකර සම්පූර්ණයෙන්ම අතින් නිම කරන ලද (hand-crafted) ක්‍රමවේදයකට මෙහි සජීවීකරණ කර තිබීම සමාජ මාධ්‍ය පරිශීලකයින් විසින් සැබෑ ශිල්පීය හැකියාවක් ලෙස අගය කරනු ලබයි. මීට අමතරව, චීන භාෂාවෙන් “ගොනා” සහ “ගවයා” යන වචන එකම අක්ෂරයක් මත පදනම් වීම නිසා, චිත්‍රපටයේ නම කොටස් වෙළඳපොළේ “ගොන් වෙළඳපොළක්” අපේක්ෂාව සමඟද සම්බන්ධ කරමින් රසිකයෝ සිනමාහල් වෙත ඇදී යති. නිල ප්‍රචාරක පෝස්ටරයක් නොමැති වීම නිසා ඇතැම් සිනමාහල් කාර්ය මණ්ඩලය විසින්ම අතින් අඳින ලද පෝස්ටර් ප්‍රදර්ශනය කිරීමද විශේෂත්වයක් වන අතර, මෙවැනි අඩු ප්‍රමිතියෙන් යුත් චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම දිගටම සිදුකළහොත් සිනමාහල් කෙරෙහි ප්‍රේක්ෂකයන් තබා ඇති විශ්වාසය බිඳී යා හැකි බවට රාජ්‍ය සතු චීන පුවත්පතක් අනතුරු අඟවා තිබේ.
















