ශ්‍රී ලංකා මහ බැංකුව සහ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශය (FCID) වැනි ප්‍රධාන පෙළේ ආයතනවල නිලධාරීන් ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටිමින් සහ ව්‍යාජ ලිපි ශීර්ෂ භාවිත කරමින් සිදු කෙරෙන නව මූල්‍ය වංචාවක් පිළිබඳව ශ්‍රී ලංකා CERT ආයතනය විසින් ජනතාවට දැඩි අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.
මෙම වංචනිකයන් ජංගම දුරකථන හා සමාජ මාධ්‍ය හරහා පුද්ගලයින්ගේ තැන්පතු පිළිබඳ විමසමින්, ඒවා වංචා සහගත ඒවා බවට අසත්‍ය චෝදනා නඟා, මූල්‍ය අපරාධ විමර්ශන අංශය හරහා පරීක්ෂණ පවත්වන බවට තර්ජනය කර මුදල් වංචා කිරීමේ ක්‍රමවේදයක් අනුගමනය කරයි. විශ්‍රාමිකයන් සහ වැඩිහිටියන් වැඩි වශයෙන් මෙම ජාවාරමට ඉලක්ක වන බැවින්, එවැනි තත්ත්වයන් හමුවේ දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත්, නිල ආයතන වෙත වහාම දැනුම් දෙන ලෙසත් ඉල්ලා සිටී.














