ඉන්දියාවට එරෙහි ශ්‍රී ලංකා සංචාරයේ සිව්වන දිනයේ පළමු සැසියේදී පන්දු රකිමින් සිටියදී හතරේ සීමාව වැළැක්වීමට උත්සාහ කිරීමේදී ශ්‍රී ලංකා ක්‍රීඩක දිනේෂ් චන්දිමාල්ගේ දකුණු උරහිස සහ ගෙල ප්‍රදේශයේ ආබාධයක් සිදුව තිබෙනවා.
ක්‍රීඩාංගණයේදී කණ්ඩායමේ වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව, ආරක්ෂිත පියවරක් ලෙස වැඩිදුර පරීක්ෂණ සහ ස්කෑන් පරීක්ෂණයක් සඳහා ඔහුව රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර, එහි ප්‍රතිඵල ලැබීමෙන් පසු ඔහුගේ ආබාධයේ ස්වභාවය පිළිබඳව වැඩිදුර තොරතුරු අනාවරණය වනු ඇත.
















