හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (18) අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. දැනට පැවැත්වෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු අල්ලස් කොමිසම වෙත පැමිණි අවස්ථාවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර, අද දින ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අල්ලස් කොමිසම සඳහන් කර ඇත.














