ඇමරිකාවේ මැසචුසෙට්ස් හි ඇක්ටන් ප්‍රදේශයේදී සිය මව සහ 14 හැවිරිදි බාල සොහොයුරා ඝාතනය කිරීමේ චෝදනාව මත 17 හැවිරිදි ඉන්දීය සම්භවයක් ඇති අර්ජුන් අරවින්ද් (Arjun Aravind) නම් යොවුන් තරුණයකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් පරීක්ෂණවලදී අනාවරී වී ඇත්තේ ඝාතනයට ප්‍රථම සැකකරු විසින් තම පවුලේ සාමාජිකයන් මරා දැමීම පිළිබඳව “න්‍යායාත්මක අදහස් හෝ මනඃකල්පිත කථා” (theoretical ideas or fantasy stories) සෙවීම සඳහා ChatGPT කෘත්‍රිම බුද්ධි චැට්බෝට් එක භාවිත කර ඇති බවයි. අගෝස්තු 11 වන අඟහරුවාදා නිවසට පැමිණි උපකාරක පන්ති ගුරුවරයෙකුට සහ පියාට පවුලේ අය සම්බන්ධ කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් කරන ලද පරීක්ෂාවකදී මෙම අපරාධය අනාවරී වී ඇත.
මව වන සුධා වෙන්කටේසන් (45) සහ බාල සොහොයුරු සිද්ධාර්ත් අරවින්ද් (14) යන අය මියගොස් සිටියදී හමුවී ඇති අතර, සැකකරු මවගේ මෝටර් රථයෙන් පලාගොස් සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ. මේ වන විට ඔහු වෙනුවෙන් නොවරදින බවට (not guilty) pleas එකක් ඉදිරිපත් කර ඇති අතර, ඇප ලබා දීමෙන් තොරව රඳවා සිටින මොහුගේ මීළඟ නඩු විභාගය සැප්තැම්බර් 11 වන දිනට නියම කර ඇත.














