දැනට නිකුත් කර ඇති සියලුම ජාතික හැදුනුම්පත් වෙනුවට ඩිජිටල් ජාතික හැදුනුම්පත් ඉදිරි වසර කිහිපය තුළ නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පවසා තිබේ. ඩිජිටල්කරණ ක්‍රියාවලිය යටතේ මේ වසරේ ඉදිරි මාස කිහිපය තුළ පළමු ඩිජිටල් හැදුනුම්පත නිකුත් කිරීමට පියවර ගන්නා බව ඔහු පෙන්වා දෙයි.
ලබන වසරේ (2027) අගෝස්තු වන විට සම්පූර්ණ ඩිජිටල් හැදුනුම්පත ලබා දීමට බලාපොරොත්තු වන අතර, ඉන් පසු වසර 2ක් වැනි කාලයක් ඇතුළත මෙරට සමස්ත ජනගහනයේ මිලියන 17ක පිරිසකගේ පරණ හැදුනුම්පත් වෙනුවට ඩිජිටල් පද්ධතිය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.














