ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුරු, ගුරු උපදේශක, විදුහල්පති, ගුරු අධ්‍යාපනඥ සහ අධ්‍යාපන පරිපාලන ඇතුළු සියලු වෘත්තීය කාණ්ඩ සඳහා ප්‍රමිතීකරණය, ලියාපදිංචිය, බලපත්‍රකරණය සහ තත්ත්ව සහතික කිරීමේ ආයතනික යාන්ත්‍රණයක් ලෙස “අධ්‍යාපන සභාවක්” පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මෙම අධ්‍යාපන සභාව පිහිටුවීමේ අවශ්‍යතාව පිළිබඳව අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජී.බී. දයාරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවක් මීට පෙර පත් කර තිබූ අතර, එම කමිටුවේ වාර්තාව මහජන අදහස් විමසීමෙන් අනතුරුව සමාලෝචනය කර අදාළ පාර්ලිමේන්තු අනුකාරක සභාව වෙත ඉදිරිපත් කර ඇත.
ඒ අනුව, යෝජිත අධ්‍යාපන සභාව පිහිටුවීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.














