අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගෙන තිබූ ලංකා ධීවර නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මහීල් සෙනරත්න මහතා ඇප මත මුදා හැර තිබේ.
සැකකරු අද (18) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත. 2010 – 2012 කාල වකවානුවේදී දිවයින පුරා මසුන් අලෙවිසැල් ඉදිකිරීම සහ අලුත්වැඩියා කිරීමේදී නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකර සෘජුවම තෝරාගත් ආයතන දෙකකට ව්‍යාපෘති ලබාදීම සහ ගෙවීම් කිරීම සඳහා බලපෑම් කිරීම යන දූෂණ චෝදනා මත හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ සහෝදරයෙකු වන මහීල් සෙනරත්න මහතා අල්ලස් කොමිසම විසින් අද දින අත්අඩංගුවට ගෙන තිබුණි.














