පොලිස් සහායක සේවයේ පවතින පුරප්පාඩු 383ක් සඳහා අයැදුම්පත් යොමු කිරීමේ කාල සීමාව සැප්තැම්බර් මස 14 වැනි දින දක්වා දීර්ඝ කර ඇති බව ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය කරයි.
මෙම පුරප්පාඩු අතර උප පොලිස් පරීක්ෂක තනතුරු 177ක් සහ පොලිස් කොස්තාපල් තනතුරු 206ක් ඇතුළත් වේ. වෙබ් අඩවි සංවර්ධනය, මෘදුකාංග සහ දෘඩාංග, ජාලකරණය, ඖෂධවේදය, හෙද සේවා, යාන්ත්‍රික සහ පරිගණක ඇතුළු විවිධ තාක්ෂණික සහ සහායක සේවා ක්ෂේත්‍ර සඳහා මෙම බඳවා ගැනීම් සිදු කෙරේ. අදාළ අයැදුම්පත් ඔස්මට් මාර්ගයෙන් (Online) ඉදිරිපත් කළ යුතු අතර, දීර්ඝ කරන ලද කාල සීමාවෙන් ප්‍රයෝජන ගන්නා ලෙස පොලිසිය සුදුසුකම් ලත් අයැදුම්කරුවන්ගෙන් ඉල්ී සිටී.














