2021 වසරේ ආරම්භ කර ආර්ථික අස්ථාවරත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවන ලද සෙත්සිරිපාය තෙවැනි අදියරේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීම සඳහා ‘මාග ඉංජිනේරු’ ආයතනය සමඟ සංශෝධිත ගිවිසුමකට එළඹීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.
මුල් ව්‍යාපෘති පිරිවැය රුපියල් බිලියන 16.7ක් වූ අතර, ව්‍යාපෘතියේ මුළු ඇස්තමේන්තුගත පිරිවැය දැන් රුපියල් බිලියන 38.48 දක්වා සංශෝධනය කර තිබේ. ඉදි කිරීම් අවසන් වූ පසු බලශක්ති අමාත්‍යාංශය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රාජ්‍ය ඔසුසැල් සංස්ථාව සහ නාගරික සංවර්ධන අධිකාරිය (UDA) වෙත කාර්යාල ඉඩකඩ වෙන් කිරීමට නියමිතය. ඒ අනුව, ඉතිරි ඉදිකිරීම් කටයුතු අවසන් කිරීම සඳහා රුපියල් බිලියන 25.58ක මුදලකට ‘මාග ඉංජිනේරු’ ආයතනය සමඟ සංශෝධිත ගිවිසුමකට අත්සන් තැබීමට නියමිතය.














