අධික විකුණුම් පීඩනයක් හේතුවෙන් අද (18) දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන දර්ශක දෙකම පහළ ගොස් ඇති අතර, සියලු කොටස් මිල දර්ශකය (ASPI) 21,479.07 දක්වා පහත වැටී තිබේ.
ඒ අනුව ASPI දර්ශකය ලකුණු 137.81 කින් (0.64%) පහළ ගිය අතර, S&P SL20 දර්ශකය ලකුණු 43.63 කින් (0.72%) අඩුවී 6,040.91 ලෙස අවසන් විය. සමස්ත වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 2.04 ක් ලෙස සටහන් වූ අතර, විදේශීය ආයෝජකයින් අඛණ්ඩව ශුද්ධ විකුණුම්කරුවන් ලෙස කටයුතු කරමින් රුපියල් මිලියන 605.97 ක ශුද්ධ විදේශීය පිටතට ගලායාමක් වාර්තා කළේය.














