රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ මියන්මාරයේ ජනාධිපති මින් ඔන්ග් හ්ලේන්ග් අතර හමුවක් මොස්කව් නුවර ක්‍රෙම්ලම් මාලිගයේදී පවත්වා තිබේ.
අප්‍රේල් මාසයේදී මියන්මාරයේ ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසු ඔහු සංචාරය කළ පළමු අසල්වැසි නොවන රට රුසියාව වන අතර, බටහිර රටවල පීඩනය මැද දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වීම මෙයින් පෙන්නුම් කරයි. හමුවෙන් පසු අදහස් දක්වමින් පුටින් සඳහන් කළේ බලශක්තිය, ආරක්ෂක අංශ සහ අභ්‍යවකාශ ගවේෂණය ඇතුළු ක්ෂේත්‍ර රැසක දෙරට සහයෝගයෙන් කටයුතු කරන බවයි.
තවද, තෙල් පිරිපහදුවක් ඉදිකිරීම, හයිඩ්‍රොකාබන් නිෂ්පාදනය සහ ගවේෂණය මෙන්ම ද්‍රව ස්වභාවික ගෑස් (LNG) සැපයීම සම්බන්ධයෙන්ද දෙරට අතර සාකච්ඡා පවත්වමින් සිටින බව රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්













