හෝමූස් සමුද්‍ර සන්ධියේ හිමිකාරීත්වය අමෙරිකාවට පවරා ගන්නා බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කළ ප්‍රකාශය හේතුවෙන්, ඉදිරියේදී එල්ල විය හැකි ගොඩබිම් ආක්‍රමණයකට මුහුණ දීම සඳහා ඉරාන රජය විශේෂ සූදානමක පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම තත්ත්වය හමුවේ ඉහළ මට්ටමේ ආරක්ෂක සාකච්ඡා පවත්වා ඇති අතර, හමුදා ප්‍රහාරවලට මුහුණ දීමට ජනතාව දිරිමත් කිරීමේ අරමුණින් ඉරාන හමුදාපති අමීර් හටාමි (Amir Hatami) නව නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව, ඕනෑම ගොඩබිම් මෙහෙයුමකට සම්බන්ධ වන අමෙරිකානු සෙබළෙක් ඝාතනය කරන හෝ ජීවග්රහයෙන් අල්ලා ගන්නා ඉරාන පුරවැසියෙකුට අමෙරිකානු ඩොලර් 30,000ක මුදල් තෑගි මුදලක් පිරිනමන බවත්, යම් කාන්තාවක් එවැනි ක්‍රියාවක් සිදු කළහොත් ඇයට එම ත්‍යාග මුදල මෙන් දෙගුණයක් (ඩොලර් 60,000ක්) ලබා දෙන බවත් හමුදාපතිවරයා ප්‍රකාශ කර ඇත.














