අමෙරිකා-ඉරාන අවබෝධතා ගිවිසුම අවසන් වීම සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඕමානයට සහ ඉරානයට එල්ල කරන ලද තර්ජනාත්මක අනතුරු ඇඟවීම් හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල දැවැන්ත ලෙස ඉහළ ගොස් තිබේ.
ඒ අනුව, බ්‍රෙන්ට් දර්ශකයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 91.63 දක්වා ඉහළ ගොස් ඇති අතර, පසුගිය ජූලි 30 වැනිදායින් පසු බ්‍රෙන්ට් බොරතෙල් බැරලය ඩොලර් 90 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය වේ. මීට අමතරව, ටෙක්සාස් දර්ශකයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 85.00 දක්වා ඉහළ ගොස් තිබේ. දෙරට අතර උද්ගත වී ඇති මෙම යුදමය උණුසුම් වාතාවරණය හේතුවෙන් ඉදිරි දිනවලදී තෙල් මිල තවත් ඉහළ යා හැකි බවට වෙළෙඳපොළ විශ්ලේෂකයෝ අනතුරු අඟවති.














