පාසල් පද්ධතියේ ගුරු හිඟය අවම කිරීම සඳහා 2027 වසරේදී ගුරුවරුන් 23,000ක් බඳවා ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි අග්‍රාමාත්‍ය, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී (18) ප්‍රකාශ කළාය.
පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් මහතා මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අගමැතිවරිය මේ බව සඳහන් කළ අතර, ඉන් ගුරුවරුන් 4,000ක් ජාතික පාසල් සඳහා ද ඉතිරි පිරිස අනෙකුත් පාසල් සඳහා ද බඳවා ගැනීමට නියමිතය. මෙම පිරිස බඳවා ගැනීමට අවශ්‍ය විභාග පවත්වා අවසන් කර ඇති අතර, අදාළ සම්මුඛ පරීක්ෂණ කටයුතු ඉදිරියේදී පළාත් මට්ටමින් සිදු කිරීමට නියමිත බව ඇය වැඩිදුරටත් පැවසුවාය.














