ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීම ඇතුළත් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශ්ව තුනක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (18) පෙත්සම් ගොනු කළහ.
මෙම පනත් කෙටුම්පත මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට සහ නීතියේ ආධිපත්‍යයට හානි වන බව පෙන්වා දෙන පෙත්සම්කරුවෝ, එය සම්මත කරගැනීමට නම් ජනමත විචාරණයකට යොමු කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිති. ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් එහි සහකාර ලේකම් ලකිත වාකිස්ඨආරච්චි සහ භාණ්ඩාගාරික පසිඳු සිල්වා, නිදහස් නීතිඥ සංවිධානයේ සභාපති මෛත්‍රී ගුණරත්න සහ ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් යන මහත්වරු මෙම පෙත්සම් ගොනු කර ඇත.














