ඔටාවාහි ශ්රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ දායකත්වයෙන් ඔටාවාහි ශ්රී ලංකා-කැනඩා සංගමයේ (SLCAO) 50 වන සංවත්සරය (ස්වර්ණ ජයන්ති සැමරුම) නිමිත්තෙන් විවිධ ප්රජා, සංස්කෘතික සහ ක්රීඩා වැඩසටහන් මාලාවක් පවත්වා තිබේ.
මෙම සැමරුම වෙනුවෙන් පැවති ‘Legacy Gala’ උපහාර උලෙළ සඳහා වැඩබලන මහ කොමසාරිස් කිරිදරන් කුමාරසාමි මහතා ප්රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර, වසර 50ක් පුරා ප්රජා සබඳතා ශක්තිමත් කිරීමට සහ ශ්රී ලාංකීය සංස්කෘතික උරුමයන් සුරැකීමට SLCAO සංගමය කළ මෙහෙවර ඔහු අගය කළේය. මීට අමතරව, සංවත්සරය වෙනුවෙන් පැවැත්වුණු ‘තුන්-නගර (Tri-City) ක්රිකට් තරගාවලියේ’ පිරිමි ශූරතාවය ‘Ottawa Tuskers’ කණ්ඩායම විසින් ද, කාන්තා ශූරතාවය ‘Ottawa Avengers’ කණ්ඩායම විසින් ද දිනාගනු ලැබීය.














