බණ්ඩාරගම, මස්විල, වෙන්කේසියවත්ත ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය (STF) සිදු කළ වැටලීමකදී ‘අයිස්’ (Crystal Methamphetamine) මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 18.672ක් සමඟ 22 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බළකාය වෙත ලැබුණු රහසිගත තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර, එහිදී මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරු බණ්ඩාරගම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි. වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු සහ අදාළ මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය (PNB) වෙත භාර දී ඇති බව පොලිසිය පවසයි.
















