ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය විසින් සංවිධානය කරන ලද “මයිලෝ අභියෝග කුසලාන” ප්‍රමුඛ පෙළ පාසල් අවුරුදු 16 න් පහළ බාලක ජාතික පාපන්දු තරගාවලියේ තීරණාත්මක අවසාන මහ තරගය අද (19) පස්වරු 3.00 ට කොළඹ පැරණි තුරඟ පිටියේදී පැවැත්වේ.
මෙම තරගාවලියේ අවසාන මහ තරගය සහ තෙවැනි ස්ථානය සඳහා වන තරගය සඳහා යාපනය නෙල්ලියාඩි විදුහල, බදුල්ල ධර්මදූත විදුහල, කොළඹ ශාන්ත ජෝශප් විදුහල සහ කොළඹ සහිරා විදුහල සුදුසුකම් ලබා සිටින අතර, ඊයේ (18) පැවති අවසන් පූර්ව තරගවලදී ශාන්ත ජෝශප් විදුහලට එරෙහිව නෙල්ලියාඩි විදුහලත්, ධර්මදූත විදුහලට එරෙහිව සහිරා විදුහලත් සටන් වැදුණි.














