ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ මෙහෙයවීමෙන් කොළඹදී පැවති 16 න් පහළ ප්‍රමුඛ පෙළ දස සාමාජික රග්බි පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ගල්කිස්ස විද්‍යා විදුහල සමත් වී තිබේ.
කොළඹ වෙස්ලි විදුහල සමඟ පැවති අවසාන මහා තරගයේදී ලකුණු 29 – 07 ක පහසු ජයග්‍රහණයක් අත්කර ගනිමින් විද්‍යා විදුහල මෙම කේවල ශූරතාව දිනාගත් අතර, වෙස්ලි විදුහල අනුශූරතාවෙන් සෑහීමකට පත් විය.
මීට අමතරව, තරගාවලියේ පළඟ ශූරතාව මහනුවර ත්‍රිත්ව විදුහල (අනුශූරතාව – රාජකීය විදුහල) විසින් ද, බඳුණ ශූරතාව මහනුවර ධර්මරාජ විදුහල (අනුශූරතාව – ඉසිපතන විදුහල) විසින් ද, පලිහ අංශයේ ශූරතාව මහනුවර විද්‍යාර්ථ විදුහල (අනුශූරතාව – සිරි පියරතන විදුහල, පාදුක්ක) විසින් ද හිමිකර ගන්නා ලදී.














