කලාවැව වැව ද්‍රෝණියට ජලය සපයන ප්‍රධාන ජල මූලාශ්‍රය වන බෝවතැන්න ජලාශයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ලබන 24 වැනිදා සිට එම ජලාශයේ ජලය ඉවත් කිරීම සිදුකෙරෙන බව වාර්තා වේ.
ජලාශයේ රොන්මඩ ඉවත් කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බව ජලාශය භාර ඉංජිනේරු බුද්ධික මහේෂ් මහතා ප්‍රකාශ කර ඇත. පවතින වියළි කාලගුණික තත්ත්වය උපයෝගී කරගනිමින් මෙම නඩත්තු කටයුතු සිදුකරන අතර, දැනටමත් ජලාශයේ ජල මට්ටම ඝන මීටර් මිලියන එකොළහ දක්වා පහත වැටී ඇති බව ඔහු සඳහන් කර තිබේ.
සති තුනක කාලයක් ඇතුළත අවශ්‍ය සියලු නඩත්තු කටයුතු අවසන් කර, ලබන සැප්තැම්බර් මස 14 වැනි දින යළි ජලාශය පිරවීමට කටයුතු කරන බවද ඉංජිනේරු බුද්ධික මහේෂ් මහතා වැඩිදුරටත් කියා සිටියේය.














