ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවදුරටත් අස්ථාවර මට්ටමක පවතින පසුබිමක, අහංගම ප්‍රදේශයේ වෙරළබඩ ව්‍යාපාර සහ ගොඩනැගිලි ඉවත් කිරීම කිසිදු තේරුමක් නැති ක්‍රියාවක් බව සමගි ජන බලවේගයේ ජාතික තරුණ සංවිධායක චමිත් විජේසුන්දර මහතා ප්‍රකාශ කර තිබේ.
සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් ඔහු පෙන්වා දී ඇත්තේ, රටට විදේශ විනිමය සහ රැකියා උත්පාදනය කර දෙන ප්‍රධානම ක්ෂේත්‍රයක් වන සංචාරක කර්මාන්තයට මෙවැනි ක්‍රියාමාර්ග මගින් දැඩි බලපෑමක් එල්ල වන බවයි. එබැවින් රජය අනවශ්‍ය කටයුතුවලට වඩා රටේ ආර්ථිකය ගොඩනැංවීම, ආයෝජන සහ රැකියා උත්පාදනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත.
මේ අතර, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ නීති විරෝධී ලෙස ඉදිකර තිබූ සංචාරක ආපනශාලා සහ කැෆේ ඇතුළු අනවසර ඉදිකිරීම් 22ක් පමණ පසුගියදා ඉවත් කර ඇති බවයි.














