ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ‘ඩිජිටල් අත්සන හා කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය’ පිළිබඳව ආනයනකරුවන් සහ ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා ලංකා වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.
රේගු කටයුතු කඩදාසි රහිත කිරීමේ රජයේ වැඩපිළිවෙළට සමගාමීව ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය ලබන ඔක්තෝබර් මස 01 වැනිදා සිට නිල වශයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙහිදී අදහස් දැක්වූ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ සහ නවීකරණ කාර්යාංශයේ ප්‍රධානි, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සීවලි අරුක්ගොඩ මහතා සඳහන් කළේ මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රේගුවේ තොරතුරු තාක්ෂණ අංශය ලබාදෙන දායකත්වය අගය කරන බවයි.
එමෙන්ම, LankaPay ආයතනයේ සහ ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් විසින් පවත්වන ලද තාක්ෂණික සැසියක් හරහා ඩිජිටල් අත්සනක් යනු කුමක්ද, එය ලබාගන්නා නිවැරදි ආකාරය සහ රේගු ප්‍රකාශන ඉදිරිපත් කිරීමේදී එය ප්‍රායෝගිකව භාවිත කරන්නේ කෙසේද යන්න පිළිබඳව සහභාගී වූවන් පුළුල් ලෙස දැනුවත් කෙරිණි. මෙම අවස්ථාවට රේගු සහ ආදායම් ප්‍රතිසංස්කරණ කාර්යාංශයේ උසස් නිලධාරීන් මෙන්ම ව්‍යාපාරික ප්‍රජාව සහ ආනයනකරුවෝ බොහෝ පිරිසක් එක්ව සිටියහ.
















