කෘෂිකර්ම, පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය මඟින් ක්‍රියාවට නංවනු ලබන ‘වාරි මහිම’ ජාතික ව්‍යාපෘතියට සමගාමීව, කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඉහළ නොච්චිකුලම වැව පූර්ණ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු පසුගියදා (17) ආරම්භ කෙරිණි.
රුපියල් මිලියන 21 ක පිරිවැයකින් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිළිණ සමරකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. දැනට මාස් කන්නයේ පමණක් කුඹුරු අක්කර 32කට වගා කිරීම සඳහා ජලය සැපයෙන මෙම වැවෙහි ජල ධාරිතාව ඉහළ නැංවීම මෙම ප්‍රතිසංස්කරණයේ ප්‍රධාන අරමුණ වේ. ඒ හරහා ඉදිරියේදී යල මහ දෙකන්නයේම බාධාවකින් තොරව වගා කටයුතු සිදු කිරීමට ප්‍රදේශයේ ගොවි ජනතාවට හැකියාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම අවස්ථාවට අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිළිණ සමරකෝන්, කැකිරාව ප්‍රාදේශීය සභා මන්ත්‍රී නිමල් චන්ද්‍රසේකර, කැකිරාව ප්‍රාදේශීය ලේකම්තුමා සහ උතුරු මැද පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය ඉංජිනේරුවරයා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.














