මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම අතරතුර රාජකාරියේදී දිවි පිදූ බන්ධනාගාර නිලධාරීන් වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන්ට සහ දූ දරුවන්ට අග්රහාර රක්ෂණ වන්දි ප්රදානය (ජාතික රක්ෂණ භාර අරමුදල) සහ උපහාර පිදීමේ උත්සවයක් හෙට (21) දින බන්ධනාගාර මූලස්ථාන ශ්රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.
මෙම උත්සවයේදී එක් බන්ධනාගාර නිලධාරියෙක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 20ක වන්දි මුදලක් ජාතික රක්ෂණ භාර අරමුදල මඟින් ප්රදානය කිරීමට නියමිතව තිබේ.
















