දෙහිවල සත්වෝද්‍යානය නරඹන්නට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගෙන සිටි වයස අවුරුදු 30ක් පමණ වන ජිරාෆ් ධේනුව රෝගී තත්ත්වයක් හේතුවෙන් මිය ගොස් තිබේ.
අවුරුදු 30කට ආසන්න ආයු කාලයක් භුක්ති විඳ ඇති මෙම ජිරාෆ් ධේනුව පසුගිය 18 වැනි දින මිය ගොස් ඇති අතර, මියයාමට පෙර විශේෂිත වූ රෝගී තත්ත්වයක් වාර්තා නොවූ බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි. සාමාන්‍ය ජිරාෆ් සත්වයකුගේ ආයු කාලය වසර 20-25ත් අතර වන නමුත්, මනා පරිපාලනයක් සහිත සත්වෝද්‍යාන පරිසරයක මීට වඩා වැඩි කාලයක් ජීවත් විය හැකි බව ජාතික සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ආර්. සී. රාජපක්ෂ මහතා සඳහන් කරයි. සත්ත්ව සුබසාධනය, නිසි පෝෂ්‍යදායී ආහාර සහ නිරන්තර පශු වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම මෙම සත්ත්වයාට දිර්ඝ ආයු කාලයක් ගත කිරීමට හේතු වූ බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.













