කැනඩාවේ රැකියා හෝ අධ්‍යාපනික අවස්ථා ඉලක්ක කර එරටට සංක්‍රමණය වන ශ්‍රී ලාංකිකයන්ගෙන් බහුතරයක් ව්‍යාජ ඒජන්සි හා තැරැව්කරුවන් නිසා බලාපොරොත්තු සුන්කරගෙන එරට අතරමංව සිටින බව ත්‍රිකුණාමලය දිසාපති ඩබ්.ජී. මහේෂ් හේමන්ත කුමාර මහතා පවසයි.
එබැවින් කැනඩාවට යෑමට බලාපොරොත්තුවෙන් සිටින පිරිස් බිම් මට්ටමින් දැනුවත් කළයුතු බවද දිසාපතිවරයා කීය. ත්‍රිකුණාමලය දිසාපති කාර්යාලයේදී ශ්‍රී ලංකා කැනඩා මහ කොමසාරිස් කාර්යාලයට අනුබද්ධිත කැනඩා දේශසීමා නියෝජිතයාගේ ප්‍රධාන ලේකම් හා සම්බන්ධීකරණ නිලධාරී කසුමි කුබෝ (Kazumi Kubo) මහත්මිය ඇතුළු දූත පිරිසක් දිසාපතිවරයා හමුවී කැනඩාවේ අතරමං වී සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර, එහිදී දිසාපතිවරයා මෙම අදහස් පළ කළේය.
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් රැකියා හා අධ්‍යාපන අවස්ථා සොයා වැඩි වශයෙන් කැනඩාවට ගොස් අතරමං වී ඇති බව මෙම සාකච්ඡාවේදී අනාවරණය විය. ගම්මාන මට්ටමින් තරුණ තරුණියන් දැනුවත් කිරීම සඳහා මුල් වටයේ ග්‍රාම නිලධාරීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළු සකස් කළයුතු බවද මෙහිදී අවධාරණය කෙරිණි.













