ඉරානයේ ආර්ථිකය ඉලක්ක කරගනිමින් නව සහ දැඩි මෙහෙයුමක් ආරම්භ කරන බව ප්‍රකාශ කර ඇති අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉස්ලාමීය ජනරජය සමඟ ව්‍යාපාරික කටයුතුවල නිරත වන හෝ යම් ආකාරයකින් සහයෝගය දක්වන ඕනෑම රටකට ‘ප්‍රචණ්ඩකාරී’ ආර්ථික දඩුවම් ලබා දෙන බවට තර්ජනය කර තිබේ.
දෙපාර්ශවය අතර පවතින ගැටුම් කිසිදු රාජ්‍යතාන්ත්‍රික හෝ හමුදාමය විසඳුමකින් තොරව ඉදිරියට යමින් පවතින පසුබිමක මෙම දැඩි ආර්ථික පීඩන මෙහෙයුම ක්‍රියාවට නංවා ඇත. නොවැම්බර් මාසයේ පැවැත්වෙන මැතිවරණය ආසන්නවත්ම ට්‍රම්ප් වෙත දේශපාලනමය වශයෙන්ද දැඩි අවධානයක් යොමුව තිබේ. “මෙය මෙතෙක් කිසිදු රටකට එරෙහිව ගෙන ඇති දැඩිම ආර්ථික මෙහෙයුමයි! මෙය පෙර නොවූ විරූ පරිමාණයේ ආර්ථික යුද්ධයක් සහ හුදෙකලා කිරීමක් වනු ඇත” යනුවෙන් ට්‍රම්ප් Truth Social සමාජ ජාලය හරහා සටහනක් තබා ඇත.
















