මැදපෙරදිග ඇති වී තිබෙන යුධ ගැටුම හේතුවෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇති පසුබිමක් තුළ, ශ්‍රී ලංකාව ඔස්සේ නව භාණ්ඩ ප්‍රවාහන මාර්ගයක් විවෘත වී තිබේ.
ඒ අනුව, ඉතාලියේ නිෂ්පාදිත නවීනතම ලැම්බෝගිනි මෝටර් රථ 14ක් මුහුදු මාර්ගය ඔස්සේ හම්බන්තොට වරාය වෙත ගෙනැවිත්, එතැන් සිට බහාලුම්වල බහා කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ගොස් ඇත. පසුව ඒවා විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක පටවා ඩුබායි සහ කටාර් රාජ්‍යයේ දෝහා වෙත රැගෙන යාමට පියවර ගෙන තිබේ.
මෙම එක් මෝටර් රථයක අවම මිල ශ්‍රී ලංකා රුපියල් කෝටි 50ක් වන අතර, එහි ස්පෝට්ස් කාණ්ඩයේ රථයක මිල රුපියල් කෝටි 100ක් පමණ වේ. ඩෙන්මාර්කයට අයත් අදාළ ප්‍රවාහන සමාගම පවසන්නේ මෙම නව භාණ්ඩ ප්‍රවාහන මාර්ගය හරහා ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන් වාසිදායක තත්ත්වයක් උදා වෙමින් පවතින බවයි. කෙසේ වෙතත්, මෙම සිදුවීම වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට ගුවන් භාණ්ඩ ගම්මානයේ අපනයන අංශයෙන් නිසි අවසරය ලබා නොදීම සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්වවල නොසතුට පළ වී තිබේ.














