ආනවිලුන්දාව රැම්සා තෙත්බිම් අභයභූමියේ හදිසියේ හටගත් ගින්නක් පාලනය කිරීම සඳහා විශේෂ ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කර තිබේ.
වනජීවී නිලධාරීන්, ත්‍රිවිධ හමුදාව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC), ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ප්‍රදේශවාසීන් එක්ව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරයි. පවතින වියළි කාලගුණ තත්ත්වය සහ තද සුළං හේතුවෙන් ගින්න පැතිරයාම පාලනය කිරීම දුෂ්කර වී ඇති බැවින්, ගින්න සම්පූර්ණයෙන්ම නිවා දැමීම සඳහා ‘Bambi Buckets’ සවි කළ ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා යෙදවීමට ද කටයුතු යොදාමින් පවතී.
පරිසර අමාත්‍යවරයාගේ සහ අමාත්‍යාංශ ලේකම්වරයාගේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක වන මෙම මෙහෙයුම හරහා සංවේදී පරිසර පද්ධතියට සිදුවිය හැකි හානිය අවම කිරීමට කටයුතු කරමින් සිටින අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.














