විශ්වවිද්‍යාල සිසුන් සහ තරුණ ප්‍රජාව මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවීම සම්බන්ධයෙන් පැවති “රටම එකට” ජාතික මෙහෙයුමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් මහාචාර්ය අමිල ඉසුරු මහතා මේ බව සඳහන් කළේය.
පාඨමාලා අතරතුර විශ්වවිද්‍යාලයෙන් ඉවත් වන පිරිමි සිසුන්ගෙන් 70%ත් 80%ත් අතර බහුතරයක් කිසියම් මත්ද්‍රව්‍යකට ඇබ්බැහි වූවන් බව අනාවරණය වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය. ලබාගන්නා යම් සතුටකට වඩා මත්ද්‍රව්‍ය භාවිතය නතර කිරීමේදී ඇතිවන විරමන ලක්ෂණ පාලනය කරගැනීමට නොහැකි වීම නිසා සිසුන් දිගින් දිගටම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වන බවත්, පාසල් මෙන්ම විශ්වවිද්‍යාල පද්ධතිය තුළ දරුවන් මත්ද්‍රව්‍යවලට හුරු කරගැනීමට ජාවාරම්කරුවන් දැඩි උත්සාහයක නිරත වන බවත් මහාචාර්යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
















