ප්රමිතියෙන් තොර යතුරුපැදි ආරක්ෂිත හිස්වැසුම් අලෙවිය සඳහා ප්රදර්ශනය කර තිබූ කොළඹ 10, ජයන්ත වීරසේකර මාවතේ පිහිටි ව්යාපාරික ආයතනයකට රුපියල් 200,000ක දඩයක් නියම කර තිබේ. අලුත්කඩේ අංක 05 ප්රධාන මහේස්ත්රාත් අධිකරණය විසින් මෙම දඩ මුදල නියම කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කොළඹ දිස්ත්රික් විමර්ශන නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී SLS 517 ප්රමිති ලාංඡනය නොමැති ‘LSS’ නමැති හිස්වැසුම් රුපියල් 1,800ක මිලකට අලෙවි කිරීමට ප්රදර්ශනය කර තිබියදී සොයාගෙන ඇත. අධිකරණයේදී විත්තිකාර ආයතනය වරද පිළිගැනීමෙන් අනතුරුව මෙම දඩ මුදල නියම කර තිබේ.














