යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලය සිය දැඩි අවධානය සහ කනස්සල්ල ප්‍රකාශ කර තිබේ. අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ ආධිපත්‍යය සහ බලය බෙදීමේ න්‍යාය සෑම විටම ආරක්ෂා කළ යුතු බව ඔවුන් අවධාරණය කරයි.
කතෝලික රදගුරු මණ්ඩලයේ සභාපති, අති උතුම් හැරල්ඩ් ඇන්තනී පෙරේරා රදගුරුතුමන් සහ මහලේකම් අති උතුම් ඇන්ටන් රංජිත් රදගුරුතුමන්ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම නිවේදනයේ දැක්වෙන්නේ, යුක්තිය ඉටු කිරීමට, මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ පුරවැසියන්ගේ යහපැවැත්ම තහවුරු කිරීමට ස්වාධීන අධිකරණයක් අත්‍යවශ්‍ය වන බවයි. විනිසුරුවන්ගේ විශ්‍රාම යන වයස ඉහළ නැංවීම වැනි ව්‍යවස්ථා සංශෝධන අධිකරණයේ ස්වාධීනත්වය තවදුරටත් ශක්තිමත් කිරීමටත්, පළපුරුදු විනිසුරුවරුන් රඳවා ගැනීමටත්, අධිකරණ නිලධාරීන්ගේ හිඟයට හා නඩු විභාග ප්‍රමාදයන්ට පිළියම් යෙදීමටත් ඉලක්ක කළ යුතු බව ඔවුන් පෙන්වා දී තිබේ.














