ඉඟුරු වගාවට අල කුණුවීමේ රෝගයක් ව්‍යාප්ත වෙමින් පවතින බැවින් ඉඟුරු වගාකරුවන් ඒ ගැන දැඩි අවධානයකින් පසුවන ලෙස අපනයන කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් දමයන්ති සමරසිංහ මහත්මිය ඉල්ලා සිටී.
කුරුණෑගල, මාතලේ සහ මහනුවර ඇතුළු ඉඟුරු වැඩි වශයෙන් වගා කරන දිස්ත්‍රික්ක කිහිපයකින් දැනට මෙම රෝගය වාර්තා වී ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. දිලීර රෝගයක් හේතුවෙන් පැතිර යන මෙහි මූලික ලක්ෂණය වන්නේ ඉඟුරු අල කුණුවීම සහ ශාකයේ පත්‍රවල අග කොටස් කහපාට වීමයි. රෝගී බීජ අල වගාවට යොදා ගැනීම, පස මඟින් ව්‍යාප්ත වීම මෙන්ම පසේ වතුර රැඳීම සහ අයහපත් දේශගුණික තත්ත්වයන් නිසා රෝගය උත්සන්න වන බව හඳුනාගෙන ඇත. රෝගී පැළ වගාවෙන් ඉවත් කර පුළුස්සා දැමීම සහ සුදුසු දිලීර නාශකයක් භාවිත කිරීම මඟින් එය පාලනය කරගත හැකි අතර, කිසියම් ලක්ෂණයක් ඇත්නම් ව්‍යාප්ති නිලධාරීන් හෝ දිස්ත්‍රික් කාර්යාල අමතා අවශ්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස අධ්යක්ෂ ජනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කළාය.














