ඩ්‍රෝන යානා සහ ඒවායේ අමතර කොටස් සඳහා ඇමරිකාව විසින් 232 වගන්තිය යටතේ පනවා ඇති තීරුබදු ක්‍රියාමාර්ග වහාම ඉවත් කරන ලෙස චීනය බල කර තිබේ.
ජාතික ආරක්ෂාවට මුවාවී ඇමරිකාව ක්‍රියාත්මක කරන මෙම ඒකපාර්ශ්වික හා ආරක්ෂණවාදී ප්‍රතිපත්තිය හේතුවෙන් චීන ව්‍යවසායන්ගේ අවශ්‍යතාවලට දැඩි හානි සිදුවන බව චීන වාණිජ අමාත්‍යාංශය පවසයි. ඇමරිකාවට අපනයනය කරන චීන ඩ්‍රෝන යානා ප්‍රධාන වශයෙන් කෘෂිකර්මාන්තය සහ සිනමා කර්මාන්තය වැනි සිවිල් කටයුතු සඳහා පමණක් භාවිත කරන්නක් බව පෙන්වා දෙන චීනය, මෙම අසාධාරණ තීරුබදු ප්‍රතිපත්තියට සිය දැඩි විරුද්ධත්වය ප්‍රකාශ කර ඇත.














