2026 රාජ්‍ය සේවා ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහ ජනාධිපති කාර්යාලය අතර කොළඹ විශ්වවිද්‍යාලයීය ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති තරගයෙන් කඩුලු 2ක තියුණු ජයක් වාර්තා කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ජනාධිපති කාර්යාලයීය ක්‍රිකට් කණ්ඩායම සමත්ව ඇත.
පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා තේ මණ්ඩල කණ්ඩායම පන්දුවාර 36යි පන්දු 4ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 141කි.
අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ජනාධිපති කාර්යාල කණ්ඩායම පන්දුවාර 34ක් අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 142ක් ලබා ගනිමින් ජයග්‍රහණය වාර්තා කළේය. ජනාධිපති කාර්යාල පිතිකරණය වෙනුවෙන් රංග ප්‍රභාත් නොදැවී ලකුණු 46ක් සහ ශිරාන් වික්‍රමසිංහ ලකුණු 31ක් රැස් කරමින් ජයග්‍රහණය සඳහා දායක වූහ.














