අඹේපුස්ස ‘අපි සිංහ සංසදය’ විසින් සංවිධානය කරන ලද 8 දෙනෙකුගෙන් යුත් සාමාජිකයන්ගේ සැහැල්ලු පන්දු ක්රිකට් තරගාවලිය අඹේපුස්ස සිංහ රෙජිමේන්තු ක්රීඩාංගණයේදී සාර්ථක අයුරින් පවත්වන ලදී.
දිවයිනේ විවිධ පළාත්වල ක්රීඩා සමාජ නියෝජනය කරමින් කණ්ඩායම් රැසක් සහභාගී වූ මෙම ප්රථම තරගාවලියේ සමස්ත **ශූරතාවය සපුගස්තැන්න ‘YCC’ ක්රීඩා සමාජය** විසින් දිනා ගන්නා ලද අතර, **අනුශූරතාවය අඹේපුස්ස ‘CC’ ක්රීඩා සමාජය**ට හිමි විය.
තරගාවලියේ දක්ෂතා දැක්වූ ක්රීඩකයන් අතරට:
* **තරගාවලියේ වීරයා:** හංසන සඳරුවන්
* **හොඳම පිතිකරුවා:** පසිඳු ගමගේ (අඹේපුස්ස ‘CC’ ක්රීඩා සමාජය)
* **හොඳම පන්දු යවන්නා:** වර්ණ පුෂ්පකුමාර
අඹේපුස්ස අපි සිංහ සංසදයේ සභාපති රොහාන් පතිරණ, නිර්මාතෘ ප්රසන්න පෙරේරා ඇතුළු සංවිධායක මණ්ඩලයේ සහ අනුග්රාහකයන්ගේ දායකත්වයෙන් මෙම තරගාවලිය සංවිධානය කර තිබිණි.














