ප්‍රවීණ සංගීතවේදිනී, විශාරද ආචාර්ය නන්දා මාලිනියගේ අභාවය හේතුවෙන් ප්‍රකාශයට පත් කර ඇති තෙදින ජාතික ශෝක කාලයට අදාළව, අද (21), හෙට (22) සහ අනිද්දා (23) යන දිනවල සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර තැබීමට කටයුතු කරන ලෙස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය දැනුම් දී තිබේ.
මේ සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු චක්‍රලේඛ අංක 04/2026 යටතේ අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන්/දිසාපතිවරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත දැනුම් දී ඇත. 2026 අගෝස්තු 21 වන දින නිකුත් කරන ලද මෙම චක්‍රලේඛය සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා අත්සන් තබා ඇත.














